25 C
Colombo
Friday, June 5, 2026

හලාවත, බිංගිරිය, හල්මිල්ලවැව සහ පඬුවස් නුවර ඇතුළු ප්‍රදේශ රැසකට අද දහවල් 12:12ට හිරු මුදුන් වෙයි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද (09) ප.ව 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතිනවා.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

දෘශ්‍ය ලෙස සුර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිතඅක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතිනවා.

අද (09) දින දහවල් 12:12ට හලාවත, බිංගිරිය, හල්මිල්ලවැව, පඬුවස් නුවර, ගොකරැල්ල, කවුඩු පැලැල්ල, කොප්පවේලි, සහ කිරන්කුලම් යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles