වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල උනාවටුන ප්‍රදේශයේ දී අද (15) අලුයම දී ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.
එකම පවුලේ පිරිසක් ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථයක් මෙලෙස වෑන් රථයක ගැටී අනතුර සිදු වී ඇති බවටයි වාර්තා වෙන්නේ.
අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු ලෙස ගමන් කරමින් සිටි පියා මියගොස් දරුවන් දෙදෙනා සහ බිරිඳ බරපතල තුවාල ලබා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ, අම්පාර ප්‍රදේශයේ පදිංචි නිශාන්ත දේවප්‍රිය බණ්ඩාර නමැති අයෙක්.
මෙම පිරිස අම්පාර සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටින අතරතුරයි මෙම අනතුර සිදු වී ඇත්තේ.
අනතුර සම්බධයෙන් බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් ඉදිරි විමර්ශන සිදු කරනවා.

