25 C
Colombo
Friday, June 5, 2026

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉරානයට ඩොලර් බිලියන 270ක පාඩුවක්

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් සිය රටට සිදු වූ පාඩුව මූලික වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 270ක් බව ඉරානය පවසයි.

කෙසේ වෙතත්, එරට රජයේ ප්‍රකාශක අනතුරු අඟවන්නේ මෙය මූලික ඇස්තමේන්තුවක් පමණක් බවත්, අවසන් අගය මෙයට වඩා වැඩි විය හැකි බවයි.

කෙසේ නමුත් යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානයේ තෙල් අලෙවිය සාර්ථක මට්ටමක පවතින බව ඉරාන ඉන්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාඩ් පවසයි.

ඔහු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ආදායමෙන් කොටසක් යුද්ධයෙන් හානියට පත් වූ තෙල් කර්මාන්තය යළි ගොඩනැගීම සඳහා යොදා ගන්නා බවයි.

එසේම ඉරානය බොරතෙල් අලෙවි කරනු ලබන මිල සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

මැදපෙරදිග ආතතීන් තවත් උඝ්‍ර වෙමින් පවතින පසුබිමක සිය න්‍යෂ්ඨික ක්‍රියාකාරකම් වසර 05 කට අත්හිටුවීමට ඉරානය යෝජනා කර තිබේ.

ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඇමරිකානු පාර්ශවය පැවසුවේ, එය වසර 20ක් දක්වා දීර්ඝ කළ යුතු බවයි.

එම කොන්දේසිය සම්බන්ධයෙන් ඉරානය එකඟ නොවීම හේතුවෙන් පාකිස්ථානයේ පැවති සාකච්ඡාවලදී දෙපාර්ශවයට එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

කෙසේ නමුත් පාකිස්ථානය පැවසුවේ, ඇමරිකා-ඉරාන සාකච්ඡාවල දෙවන වටය සඳහා සත්කාරකත්වය දැක්වීමට සිය රට කැමති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles