සිංහල අලුත් අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථ 80කට දඩ නියම කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.
පසුගිය අටවෙනිදා සිට 18 වෙනිදා දක්වා බස් රථ 680ක් පරීක්ෂා කර ඇති අතර එහිදී මගීන්ගෙන් අධික මුදල් අය කළ බස්රථ 80ක් සොයා ගැනීමට ගමනාගමන කොමිෂන් සභාව සමත්වුණා.
ඒ අනුව ඊයේ (18) දින තුළ පමණක් බස්රථ 150කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කර ඇති අතර ඉන් අධික ලෙස මුදල් අය කළ බස් රථ 12ක් සොයාගෙන තිබෙනවා.
මෙම බස්රථ වැටලීම ලබන 21 වෙනිදා දක්වා පැය 24 පුරාවටම ක්‍රියාත්මක කිරීමටයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කර ඇත්තේ.

