25 C
Colombo
Friday, June 5, 2026

මහරගම නිවසක ඉහළ මහළට ගිනි තැබීමෙන් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට

මහරගම දෙමහල් නිවසක ඉහළ මහලට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීමෙන් එකම පවුලේ මවක් සහ දියණියක් මියගොස් තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහරගම පොලීසිය පවසයි.

මෙම ගිනිතැබීමෙන් මියගොස් ඇත්තේ මහරගම පමුණුව පාර, එක්සත් සුබසාධක මාවතේ දෙවන පටුමග හි නිවසක කුලී පදනම මත පචිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දියණිය වන 16 හැවිරිදි දැරියකි.

අපරාධයෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා තිබූ එම දැරියගේ පියා හා නිවසේ හිමිකරු වන 76 හැවිරිදි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමටද පියවර ගෙන තිබේ.

ඊයේ (18) දින මෙම සිදුවීම සිදුව ඇති අතර අසල්වැසියන් වහා මැදිහත්ව ගින්න නිවා දමා පිළිස්සුම් තුවාල ලබා සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනා රෝහල් ගත කර ඇති අතර නිවස තවදුරටත් පරීක්ෂා කිරීමේදී නිවසේ කාමරයක් තුළ මියගිය කාන්තාව සහ ඇගේ දියණියගේ මළ සිරුරු හමුවී ඇත.

අපරාධය සිදුවූ ස්ථානයේ පෙට්‍රල් ගඳ වහනය වි ඇති අතර විමර්ශනයේදි මෙය නිවසට ගිනිතබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට අනාවරණය වූ බව පොලීසිය පැවසීය.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහරගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles