25 C
Colombo
Friday, June 5, 2026

නව තානාපතිවරු සිව් දෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක්  ජනපතිට අක්තපත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාවට පත්ව සිටින නව තානාපතිවරු සිව් දෙනෙක් සහ මහ කොමසාරිස්වරු දෙදෙනෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. 

ඒ අනුව,

1.    පැපුවා නිව්ගිනියා ස්වාධීන රාජ්‍යයේ මහකොමසාරිස් ලෙස Vincent Sumale මහතා (නවදිල්ලියේ නේවාසික)

2.    සෝමාලියානු ෆෙඩරල් ජනරජයේ තානාපති ලෙස Abdullahi Mohammed Odowa මහතා (නවදිල්ලියේ නේවාසික)


3.    ලක්සම්බර්ග් ජනරජයේ තානාපති ලෙස  Christian Biever මහතා (නවදිල්ලියේ නේවාසික)

4.    වතිකානයේ අපෝස්තලික තානාපති ලෙස Monsignor Andrzej Józwowicz පියතුමා

5.    පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස් ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) Nayyar Naseer මහතා

6.    කුවේට් රාජ්‍යයේ තානාපති ලෙස Saleh Mubarak Al-Sarawi මහතා

මෙසේ ජනපතිවරයා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.  

අක්තපත්‍ර පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කතාබහකද නිරත වූ අතර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles