පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකරන ලද වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන, බලපිටිය සහ හලාවත ගරු අධිකරණවල විභාග වූ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් හෙට (27) දින ප්‍රසිද්ධියේ දහනය කර විනාශ කිරීමට නියමිතව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරීම හෙට (27) උදෑසන 09.00 ට පුත්තලම, වණාතවිල්ලුව “ලැක්ටෝවත්ත” ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති විශේෂ දහන උඳුන තුළදී සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ද පොලිස් මුලස්ථානය පවසනවා.
මෙහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 22 යි ග්‍රෑම් 888 ක්, කේරළ ගංජා: කිලෝග්‍රෑම් 33 යි ග්‍රෑම් 172 ක් සහ ගංජා: කිලෝග්‍රෑම් 247 යි ග්‍රෑම් 940 ක් විනාශ කිරීමට නියමිතව තිබෙන බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරන්නේ.
අදාළ මත්ද්‍රව්‍ය තොග හෙට (27) උදෑසන 05.00 ට බලපිටිය ගරු මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් ද, උදෑසන 07.30 ට හලාවත ගරු මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් ද විශේෂ ආරක්ෂාවක් සහිතව දහන උඳුන වෙත රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

