30.6 C
Colombo
Friday, June 5, 2026

මත්තල ගුවන්තොටුපොළේ ආයෝජන අවස්ථා රැසක් – 2026 වසර සඳහා ආයෝජකයින්ට ඇරයුම්

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින්, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (MRIA) කේන්ද්‍ර කරගත් නව ආයෝජන ව්‍යාපෘති සඳහා කැමැත්ත පළ කිරීමේ (Expressions of Interest – EOI) අවස්ථාව 2026 වසර සඳහා දැන් විවෘත කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (පෞද්ගලික) සමාගම (AASL) නිවේදනය කරනවා.

මෙම නිවේදනයට අනුව ආයෝජකයින්ට විවෘත වී ඇති ක්ෂේත්‍ර සහ අවස්ථා ලෙස,

ගුවන්තොටුපොළ මෙහෙයුම්, භාණ්ඩ ප්‍රවාහන සේවා (Cargo), සැපයුම් දාම (Logistics) සහ ගුවන්යානා නඩත්තු හා අලුත්වැඩියා කටයුතු (MRO),

ගුවන්යානා අමතර කොටස් නිෂ්පාදනය, ඇසුරුම්කරණය සහ ගබඩා පහසුකම් සහිත කාර්මික උද්‍යාන (Industrial Parks) ස්ථාපිත කිරීම,

සංචාරක සංවර්ධන ව්‍යාපෘති, නිවාඩු නිකේතන (Resort Hotels) සහ අනෙකුත් ආගන්තුක සත්කාරක සේවාවන්, මෙන්ම ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ද ආයෝජකයින්ට අවස්ථාව සලසා ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles