25 C
Colombo
Friday, June 5, 2026

අද කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – මාර්ග රැසක ගමනාගමනය සීමා කෙරේ

ලෝක සාම පාගමන අද (28) කොළඹින් අවසන් වීමට නියමිත අතර ඊට අදාළව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක් කෙරෙනවා.

ඒ අනුව අද (28) සවස 04:00 ට කොළඹ 07, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත උත්සවයට අදාලව කොළඹ රථවාහන කොට්ඨාසය මඟින් ආශ්‍රිත ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන්නේ.

ඒ අනුව උදෑසන 11:00 සිට පහත දැක්වෙන මාර්ගවල අවස්ථානුකූලව ඇති වන තත්ත්වයන් අනුව වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරනු ඇති.

බණ්ඩාරනායක වටරවුම සිට බේස්ලයින් මාර්ගය බොරැල්ල හන්දිය දක්වාත්, මරදාන පාර, නන්දදාස කෝදාගොඩ මාවත, වෝඩ් පෙදෙස, සොයිසා වට රවුම, ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත, එෆ්. ආර් සේනානායක මාවත, සී.ඩබ්.ඩබ්. කන්නංගර මාවත, හෝර්ටන් වටරවුම, නන්දා මෝටස්, නිදහස් මාවත, ප්‍රේමසිරි කේමදාස මාවත, කේම්බ්‍රිජ් පෙදෙස, ග්ලාස් හවුස්, මාර්කස් ප්‍රනාන්දු මාවත, පුස්තකාල හන්දිය, මල්පාර, පිත්තල හන්දිය, ජේම්ස් පීරිස් මාවත, මුත්තයියා පාර, බේබෘක් විදිය, ස්ටැපල් වීදිය, ගංගාරාම විහාරස්ථානය අවට මාර්ගය ඇතුළු ඒ අවට මාර්ග

මෙම කාල සීමාව තුල ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය රියැදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles