25 C
Colombo
Friday, June 5, 2026

තලපති විජේගේ පක්ෂය තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරයි – හිටපු මහ ඇමති ස්ටාලින් තම අසුනත් පරාදයි

2026 තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේදී කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පෙරළියක් සිදු කරමින්, තමිල්නාඩුවේ වත්මන් මහ ඇමති සහ DMK පක්ෂයේ නායක එම්. කේ. ස්ටාලින් තම ආසනය වූ කොළතූර් අසුන පරාජයට පත් වී තිබෙනවා.

ඔහු පරාජය කර ඇත්තේ සුපිරි නළු විජේගේ ‘තමිලග වෙට්ට්‍රි කලගම්’ (TVK) පක්ෂයෙන් තරඟ වැදුණු වී. එස්. බාබු විසින්.

ඒ අනුව, 2011 වසරේ සිට එම්. කේ. ස්ටාලින් අඛණ්ඩව නියෝජනය කළ කොළතූර් (Kolathur) ආසනය සඳහා වූ මෙම සටනින්, බාබු ඡන්ද 8,795 ක තියුණු වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය ලබා තිබෙනවා.

75 වන වියේ පසුවන වී. එස්. බාබු මීට පෙර DMK සහ ADMK යන ප්‍රධාන පක්ෂ දෙකෙහිම ප්‍රධාන තනතුරු දැරූ දේශපාලනඥයෙක් වන අතර, ඔහු 2006 සිට 2011 දක්වා පුරසවක්කම් (Purasawalkam) ආසනයේ ප්‍රාන්ත සභා මන්ත්‍රීවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

එමෙන්ම, ඔහු දැනට ‘තමිලග වෙට්ට්‍රි කලගම්’ පක්ෂයේ සම-මහලේකම්වරයා ලෙසද කටයුතු කරනු ලබනවා.

මැතිවරණ කොමිසමේ නවතම දත්තවලට අනුව, නළු විජේගේ නායකත්වයෙන් යුත් මෙම නව පක්ෂය ආසන 100 කට අධික සංඛ්‍යාවක ඉදිරියෙන් පසු වෙනවා.

මෙය දශක ගණනාවක් තමිල්නාඩු දේශපාලනය හැසිරවූ DMK සහ ADMK යන ප්‍රධාන ද්‍රවිඩ පක්ෂ දෙකටම එල්ල වූ දැවැන්ත අභියෝගයක් ලෙසයි දේශපාලක විචාරකයෝ පවසන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles