ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යංශය විසින් පත් කරනු ලැබූ පරිවර්තන කමිටුවේ තවත් සාමාජිකයින් කිහිපදෙනෙකු අද (04) දිනයේදී පත්වීම් ලබා ගෙන තිබෙනවා.
ඒ අනුව තුශිර රදැල්ල, සිදත් වෙත්තමුනි, ප්‍රකාශ් ෂාෆ්ටර් සහ අවන්ති කොළඹගේට පත් වීම් ලිපි ලබා දුන් බවයි ක්‍රිඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
මීට පෙර ද අදාළ කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනෙකුට පත්වීම් ලිපි භාර දී තිබුණා.
කෙසේ වෙතත්, පරිවර්තන කමිටුවට ඇතුළත් කුමාර් සංගක්කාරට හා රොෂාන් මහානාමට තවමත් පත් වීම් ලිපි ලබා දී නැහැ.

