25 C
Colombo
Friday, June 5, 2026

වැසිකිලි ටෙන්ඩරය දෙන්න අල්ලස් ගත් කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති මැයි 21 දක්වා රිමාන්ඩ්

රුපියල් මිලියන 3ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත්, කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔහු අද (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් බත්තරමුල්ල ප්‍රදේශයේදී ඊයේ (08) මොහුව අත්අඩංගුවට ගෙන තිබුණේ, රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට තැත් කළ අවස්ථාවේදීයි.

සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් මොහු කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වූ අතර, පසුව බලය පිහිටුවීමේදී මොහුගේ සහාය ද ජාතික ජන බලවේගයට හිමිවුණා.

කුරුණෑගල බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව සඳහන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles