ටොප් නිව්ස් (Top News) ‘වරෙන්තුව’ වැඩසටහන මගින් දිගින් දිගටම සිදුකළ අනාවරණයන්හි තවත් සාර්ථක ප්‍රතිඵලයක් ලෙස, ව්‍යාජ වෛද්‍ය ජාවාරමකට ආධාර අනුබල දුන් ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකු අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගියදා පරසංගස්වැව ප්‍රදේශයේ විහාරස්ථානයක ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් සිටි ‘සුළු ගුළු පොඩි වෙදා’ හෙවත් ‘පරසංගස්වැව පොඩි වෙද මහත්තයා’ නමැති ව්‍යාජ වෛද්‍යවරයාව ‘වරෙන්තුව’ වැඩසටහන මගින් කොටු කර දෙන ලදී.
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුයන් වික්‍රමසිංහ සහ පොලිස් පරීක්ෂක චමින්ද සිරිසේන ඇතුළු කණ්ඩායම විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ අතර, එතැන් සිට විමර්ශන කටයුතු තීව්‍ර කර තිබුණි.
අදාළ ව්‍යාජ වෛද්‍යවරයාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ, මෙම ජාවාරම පවත්වාගෙන යාම සඳහා ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ සහාය ලැබී ඇති බවයි.
අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා සිය නිල ලියාපදිංචි අංකය ව්‍යාජ වෛද්‍යවරයාට ලබා දී ඒ වෙනුවෙන් නිල මුද්‍රා පවා සකස් කර දී තිබේ.
සැකකාර වෛද්‍යවරයා කඩහපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
“මහජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන මෙවැනි ව්‍යාජ වෛද්‍යවරුන් සහ ඔවුන්ට අනුබල දෙන සුදු කරපටිධාරීන් නීතියේ රැහැනට හසුකර දීමට ‘වරෙන්තුව’ නිරන්තරයෙන් කැපවී සිටී.”
අත්අඩංගුවට ගත් සැකකාර ආයුර්වේද වෛද්‍යවරයා හෙට (12) දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

