30.6 C
Colombo
Friday, June 5, 2026

ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පවතින අඩු පීඩන කලාපයක බලපෑම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මෙලෙස තද වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව සඳහන්.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles