25 C
Colombo
Friday, June 5, 2026

පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇද හැලෙන තද වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.

මෙම අනතුරු ඇඟවීම අද (11) පස්වරු 4:00 සිට හෙට (12) පස්වරු 4:00 දක්වා බලපැවැත්වෙනු ඇත.

මීට අමතරව, දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පළමුවන මට්ටමේ හෙවත් ‘විමසිලිමත් වන්න’ යනුවෙන් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

පළමුවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ, 

බදුල්ල දිස්ත්‍රික්කය – බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.

කළුතර දිස්ත්‍රික්කය – වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.

කුරුණෑගල දිස්ත්‍රික්කය – රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.

මාතලේ දිස්ත්‍රික්කය – රත්තොට, අඹන්ගඟ කෝරළය සහ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.

මොනරාගල දිස්ත්‍රික්කය – වැල්ලවාය සහ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.

රත්නපුර දිස්ත්‍රික්කය – රත්නපුර සහ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.

නායයෑමේ ලක්ෂණ (පොළොවේ පිපිරුම් ඇතිවීම, ගස් හා විදුලි කණු ඇලවීම, හදිසියේ උල්පත් හටගැනීම වැනි) නිරීක්ෂණය වන්නේ නම් වහාම එම ප්‍රදේශවලින් ඉවත් වීමට පියවර ගන්නා ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles