තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස දිවුරුම් දුන් සී. ජෝසප් විජේ එම ප්‍රාන්තයේ මත්පැන් අලෙවිසල් 717ක් වසා දැමීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
එසේම සති දෙකක් ඇතුළත එම නියෝගය ක්‍රියාත්මක කරන ලෙසටයි ඔහු දැනුම් දී ඇත්තේ.
මහජනතාවගේ යහපත සැලකිල්ලට ගනිමින් මෙසේ සිල්ලර මත්පැන් අලෙවිසල් වසා දැමීමට මහ ඇමතිවරයා පියවර ගෙන තිබෙනවා.
ආගමික ස්ථාන, අධ්‍යාපන ආයතන සහ බස් නැවතුම්පොළවල සිට මීටර් 500ක් ඇතුළත පිහිටා ඇති මත්පැන් අලෙවිසල් මෙලෙස වසා දැමීමට නියමිතයි.
ඒ අනුව, රජය මගින් පවත්වාගෙන යන TASMAC මත්පැන් හල් 717ක් මෙයට ඇතුළත් වන අතර, ඒ අතර ආගමික ස්ථාන අසල පිහිටි ස්ථාන 276ක්, අධ්‍යාපන ආයතන අසල ඇති ස්ථාන 186ක් සහ බස් නැවතුම්පොළවල් අසල ඇති ස්ථාන 255ක් වනවා.
මෙය තමිල්නාඩුව මත්ද්‍රව්‍යවලින් තොර ප්‍රාන්තයක් බවට පත් කිරීම විජේගේ TVK පක්ෂයේ මැතිවරණ පොරොන්දුවක්.
එසේම දැනට තමිල්නාඩුවේ TASMAC මගින් මත්පැන් අලෙවිසැල් 4,765ක් පවත්වාගෙන යන අතර, අනතුරුව හඳුනාගත් අලෙවිසල් 717 වසා දැමීමට නියෝග කර තිබෙනවා.

