සියලු දේශීය ක්‍රිකට් තරගාවලි කල් දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.
එසේ කල් දැමීමට තීරණය කර ඇත්තේ, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බවයි එම ආයතනය සඳහන් කරන්නේ.
ඒ අනුව, කල් දමන ලද තරගාවලි නැවත පැවැත්වෙන දිනයන් ක්‍රිකට් ආයතනය විසින් නුදුරේදී දැනුම් දෙනු ඇති.

