30.6 C
Colombo
Friday, June 5, 2026

මහින්දගේ ආරක්ෂාව ලොකු අනතුරක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව දැඩි අනතුරක පවතින බවත් ඔහුට කිසියම් හෝ අනතුරක් සිදුවුවහොත් එහි වගකීම රජය බාරගත යුතු බවත්  හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවූ අවස්ථාවේදී ශරීර පරීක්ෂාවට පවා ලක් නොවූ විශාල පිරිසක් ඒ අවට රැඳී සිටි බවත් මේ පිරිස අතරින් ත්‍රස්තවාදියෙකුට පැමිණ රාජපක්ෂ මහතාට  කිසියම් හෝ අනතුරක් කිරීමට  හැකියාව තිබූ බවත් ඔහු සඳහන් කළේය.

මහින්ද මහතා අල්ලස් කොමිසමට කැඳවූයේ එවැනි අනාරක්ෂිත වටපිටාවක  බවද මනෝජ්  ගමගේ මහතා පැවසීය.

එල්ටීටීඊ සංවිධානය ඊනියා යුධ විරුවන් සමරන මාසය එළඹ තිබියදී එවැනි අවස්ථාවක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ජීවිතයට අනතුරු කිරීමට යම් යම් පිරිස්  උත්සාහ දැරිය හැකි  හෙයින්  ඒ ගැන රජය අවධානයෙන් පසුවිය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක බටයන් සංඛ්‍යාවද වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු  අඩු කෙරුණු බව ඔහු සිහිපත් කළේය.

සැකකටයුතු මරණ සිදුවන අවස්ථාවක තමන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳවද අවිනිශ්චිත  තත්වයක් මතුව ඇති  බව  ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles