මේ වසරේ මුල සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ තේ නිෂ්පාදනය පහළ වැටී ඇති බව වතු හිමියන්ගේ සංගමයේ ආරම්භක ලේකම් උෂාන් සමරසිංහ ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ, පළමු කාර්තුවේ මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 59.61 දක්වා පහත වැටී ඇති බවයි.
එය ප්‍රතිශතයක් ලෙස සියයට 14.46ක් වනවා.
නිෂ්පාදන පිරිවැය ඉහළ ගිය ද ඊට සාපේක්‍ෂව අමු තේ දළු සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් මෙරට තේ කර්මාන්තය දැඩි අවදානමට ලක්ව ඇති බවයි ඔහු කියා සිටියේ.

