30.6 C
Colombo
Friday, June 5, 2026

ගුවන් සමාගමේ සල්ලිත් වැරදි ගිණුමකට ගියාද ?

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නායි ශාඛාව කළ මූල්‍ය ගනුදෙනුවකදී රුපියල් කෝටි අටකට අධික මුදලක් වැරදි බැංකු ගිණුමකට බැර කර ඇති බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඩුබායි හි නියෝජිත ආයතනයකට ගෙවිය යුතු වූ මාසික මුදලක් මෙලෙස වැරදීමකින් වෙනත් බැංකුවකට යොමු කර ඇති බවයි.

මෙම ගෙවීම් එමිරේට්ස් එන්.බී.ඩී (Emirates NBD) බැංකු ගිණුමට සිදුකළ යුතුව තිබුණ ද, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නයි ශාඛාව අදාළ මුදල් අබුඩාබි ඉස්ලාමීය බැංකුවේ (Abu Dhabi Islamic Bank) ගිණුමකට බැර කර ඇති බවද ජයසේකර මහතා පැවසීය.

මෙලෙස වැරදි ගිණුමට යොමු කර ඇති මුදල ඩිරාම් 974,500ක් වන අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි අටකට (මිලියන 80කට) අධික ප්‍රමාණයකි.

වෙනත් බැංකු ගිණුමකට යොමු වූ මෙම මුදල් නැවත ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මේ වන විට විශාල අර්බුදයක් නිර්මාණය වී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කරයි. රජය මැදිහත් වී මෙම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව වහාම පරීක්ෂා කළ යුතු බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

(මූලාශ්‍ර : ලංකාදීප )

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles