මැදවච්චිය සමූපකාර ඡන්දයේ නිලවරණය පසුගිය දා පැවැති අතර එහි බහුතර බලය දිනා ගමින් ජයග්‍රහණය ලබා ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට හැකිවිය.
ඒ අනුව අපේක්ෂකයන් 118කගෙන් යුත් ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාල සමූපාකාරය වන මෙහි 66ක බහුතර බලය ලබා ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට හැකිවිය. ඒ අනුව ඉදිරියේ දී විපක්ෂයෙන් එහි අභිනව සභාපතිවරයා තෝරාපත් කර ගනු ඇත.

