ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙමින් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම පද්ධතියේ බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව සඳහන්.
මේ අතර අහස වලාකුළින් බරව පවතින බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයට වැසි වාර කිහිපයක් ඇතිවන බවත් ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

