79 වන ලෝක සෞඛ්‍ය සමුළුව ගිය 16 වන දින ජිනීවා නුවර දී ආරම්භ වූ අතර එය ලබන 22 වන දින දක්වා පැවැත් වේ.
මෙම සමුළුවට සමගාමීව පැවැත්වෙන සැසි ගණනාවකට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එක් වීමට නියමිත අතර අද (18) ප්‍රධාන සමුළුව ඇමතීමට ද නියමිතය.
මෙම සමුළුව පැවැත්වෙන කාල පරිච්ඡේදය තුළ සමුළුවට සහභාගී වන භූතානය, තායිලන්තය, බංගලිදේශය ඇතුළු රටවල් ගණනාවක සෞඛ්‍ය අමාත්‍යවරු සමග මෙන්ම නිපොන් පදනම ඇතුළු සංවිධාන ගණාවක් සමග ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්වේ.
2025 ඔක්තෝම්බර් මස ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නි දිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුවේ දී එහි සභාපතීත්වයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පත්වුණි.
ඒ, අනුව මෙරට සෞඛ්‍ය විෂය භාර අමාත්‍යවරයා ලෙස මෙන්ම දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපීය සමුළුවේ සභාපතිවරයා ලෙස ද, වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙවර 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව නියෝජනය කරයි.

