30.6 C
Colombo
Friday, June 5, 2026

17වන ජාතික රණවිරු සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්

17 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියසදී අද (19) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

ඊට සමගාමීව ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 5,289 දෙනෙකුට උසස්වීම් ලබා දීමට ඊයේ පියවර ගෙන තිබුණා.

රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බි්‍රගේඩියර් එස්.බී. කොහොන ප්‍රකාශ කළේ, මෙවර සැමරුමේදී රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට වැඩි අවස්ථාවක් ලබාදී ඇති බවයි.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව විශේෂ රථ වාහන සැළැස්මක් ද අද ක්‍රියාත්මකයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles