25 C
Colombo
Friday, June 5, 2026

ජාතික රණවිරු සැමරුම් උත්සවයට අදාලව විශේෂ රථවාහන සැලැස්මක්

අද දින ජාතික රණවිරු සැමරුම් දින උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම කාලසීමාව තුල ක්‍රියාත්මක කිරීමට නියමිත රථ වාහන සැලැස්ම පහත පරිදි වේ.

ඒ අනුව, අද සවස 03.30 සිට කොළඹින් පිටවීම පොල්දූව හන්දියෙන් සහ කොළඹට ඇතුළුවීම කියැම්හෑම් හන්දියෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම හා රථවාහන පහත විකල්ප මාර්ග වෙත යොමු කිරීම අවස්ථානුකූලව සිදු කරන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

විකල්ප මාර්ග :-

පාර්ලිමේන්තු මාර්ගය හරහා කොළඹ සිට පිට වීමට පැමිණෙන වාහන පොල්දූව හන්දියෙන් බත්තරමුල්ල, පාලන්තුන, කියැන්නෑම් හන්දිය හරහා ගමන් කිරීමට හැකියාව ඇත.

කියැන්නෑම් හන්දියෙන් කොළඹට ඇතුළුවන වාහන පාලන්තුන, බත්තරමුල්ල හරහා ගමන් කිරීමට හැකියාව ඇත.

රජමල්වත්ත දෙස සිට බෝධිරාජ මාවත ඔස්සේ පැමිණෙන වාහන බත්තරමුල්ල මාර්ගයට පැමිණ අවශ්‍ය මාර්ගයේ ගමන් කිරීමට හැකියාව ඇත.

බස් රථ හා ට්‍රක් රථ ගාල් කිරීම :-

ජපන් මිත්‍රත්ව පාර හන්දියේ සිට කිඹුලාවල හන්දිය දක්වා.

ජපන් මිත්‍රත්ව පාර විදුලිබල මණ්ඩලය අසල සිට පැලවත්ත හන්දිය දක්වා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles