මෙරට වෙළෙඳපොළේ අලෙවි වන ආනයනික කිරිපිටි මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ආනයනික කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ග්‍රෑම් 450 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇති අතර, කිලෝග්‍රෑම් 01 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

