ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට විරෝධය පළ කරමින්, හෙට (25) දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබෙනවා.
පසුගිය 4 වනදා සිට ඔවුන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණා
සාකච්ඡාවක් ලබාදීමට එකඟ වීම හේතුවෙන්, මෙම වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රකාශ කළා.
කෙසේ නමුත්, අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඔවුන් පවසනවා.

