25 C
Colombo
Friday, June 5, 2026

අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අප්‍රේල් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළ ගොස් තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2026 මාර්තු මාසයේදී මෙම අගය සියයට 2.4ක් ලෙස වාර්තා වී තිබුණි.

වාර්තාවට අනුව, මාර්තු මාසයේදී සියයට 0.7 ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය අප්‍රේල් මාසයේදී සියයට 1.1 දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේදී වාර්තා වූ සියයට 3.8 සිට අප්‍රේල් මාසයේදී සියයට 7.8 දක්වා ඉහළ යාම ජාතික උද්ධමනය වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles