ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පාලනයකින් තොරව ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන්, වත්මන් රජය බරපතළ ආර්ථික ගැටලුවකට මුහුණ දී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
පැහැදිලි ආර්ථික සැලැස්මක් නොමැතිකම සහ මෙරට විදේශ සංචිත ඉහළ නැංවීමට රජය අසමත් වීම හේතුවෙන්, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අනුපාතය වේගයෙන් ඉහළ ගොස් ඇති බවයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට මාස 20කට පෙර වර්තමාන රජයට රට භාර දෙන විට ඩොලරයක අගය රුපියල් 292 ක් ලෙස පැවති බව එම නිවේදනයේ සඳහන්.
එහෙත් මේ වන විට එය රුපියල් 354 දක්වා ඉහළ ගොස් ඇත්තේ හිටපු ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද ආර්ථික වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට කරගෙන යාමට රජය අපොහොසත් වීම හේතුවෙන් බවයි අදාළ නිවේදනය මඟින් එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.
අදාළ නිවේදනය පහතින්,


