ඛාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බවට චෝදනා එල්ල වූ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඔහු මුදා හැරීමට නියෝග කරනු ලැබුවේ, රුපියල් ලක්ෂ 50 ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත ය.
ඇප කොන්දේසි කඩ කළහොත් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප නියෝගය අවලංගු කරන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ ය.
හේමරතන හිමියන්ට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.
මේ අතර, ඛාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අටමස්ථානධිපති පල්ලේගම හේමරතන හිමියන් ඊයේ [මැයි 21] දහවල් බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා තිබිණි.
මීට පෙර ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සැකකාර හේමරතන හිමියන් අද (මැයි 22) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර අද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතත හිමි බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන බාලවයස්කාර දැරියගේ මවගේ නමින් ඇති බැංකු ගිණුම් පිළිබඳ සවිස්තරාත්මක වාර්තා නිට්ටඹුව පොලිසියට නොපමාව ලබාදෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න සියලු රාජ්‍ය බැංකුවල කළමණාකාරීත්වයට සහ ප්‍රධාන පෞද්ගලික බැංකුවල කළමණාකාරීත්වයට වෙන් වෙන් වශයෙන් මැයි 18 වැනිදා නියෝග කළේ ය.
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතත හිමියන්ගේ නමින් ඇති ජංගම දුරකතන අංකවලට අදාළ සහ උන්වහන්සේ බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන බාල වයස්කාර දැරිය පරිහරණය කර ඇති ජංගම දුරකතන අංකවලට අදාළ විශ්ලේෂණ වාර්තා නොපමාව නිට්ටඹුව පොලිසියට ලබාදෙන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සියලුම රාජ්‍ය සහ පෞද්ගලික දුරකතන ආයතනවල කළමනාකාරීත්වයට වෙන් වෙන් වශයෙන් නියෝග කර සිටියේය.

