30.6 C
Colombo
Friday, June 5, 2026

“ඩොනල්ඩ් ට්‍රම්ප්” නමින් නම් කළ මී හරකා සමාජ මාධ්‍ය කළඹයි

ඉදිරියේදී උදාවන ඊද්-උල්-අදා (Eid-ul-Adha) උත්සවය වෙනුවෙන් බංග්ලාදේශයේ වෙළඳපොළට ඉදිරිපත් කර ඇති අතිවිශාල මී හරකෙකු මේ වන විට එරට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ආකර්ෂණයක් දිනාගෙන තිබෙනවා.

මෙම සත්ත්වයාගේ හිමිකරු විසින් ඔහුට ඇමරිකානු ජනාධිපති ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ යන නාමය තබා තිබීම විශේෂත්වයකි.

බංග්ලාදේශයේ රාජ්ෂාහි (Rajshahi) ප්‍රදේශයේ ගොවිපළක ඇති කරන ලද මෙම මී හරකාගේ විශාල ශරීර ප්‍රමාණය සහ පෙනුම හේතුවෙන් ප්‍රදේශවාසීන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර, දේශීය ගොවීන් විසින් ඉතා ආදරයෙන් සහ ගුණාත්මක ආහාර ලබා දෙමින් මාස ගණනාවක් පුරා ඇති දැඩි කළ මෙම මී හරකාගේ බර දළ වශයෙන් කිලෝග්‍රෑම් 1,000 ඉක්මවන බව සඳහන්.

‘ට්‍රම්ප්’ ලෙස නම් කර ඇති මෙම මී හරකාගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය හරහා පැතිර යාමත් සමඟ, ඔහුව දැක බලා ගැනීම සඳහා විශාල පිරිසක් ගොවිපළ වෙත පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊද්-උල්-අදා උත්සවය සඳහා සතුන් විකිණීම බංග්ලාදේශයේ ගොවීන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන අතර, මෙම මී හරකාගේ හිමිකරු ඔහු විකිණීම සඳහා අධික මුදලක් අපේක්ෂා කරන බව වාර්තා වෙනවා

සත්ත්වයාගේ ආකර්ෂණීය පෙනුම සහ ඔහුට හිමි වී ඇති ප්‍රසිද්ධිය නිසා, මේ වසරේ වෙළඳපොළේ වැඩිම ඉල්ලුමක් ඇති සත්ත්වයා බවට ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ පත්වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

බංග්ලාදේශයේ මෙවැනි සුවිශේෂී ලෙස නම් කරන ලද සතුන් ඊද් උත්සව සමයේදී මාධ්‍ය අවධානය දිනා ගැනීම සාමාන්‍ය දෙයක් වුවත්, මෙවර මෙම නාමය භාවිත කිරීම ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානයට ලක්ව තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles