ජුනි මස 30 හෝ ඊට පෙර සපුරාලිය කාර්යයක් වෙනුවෙන් කොල්ලුපිටියේ බාලිකා පාසලක ඇතැම් දරුවන් දිනවල තැන තැන සැරිසරමින් සිටින බව ගුරු සංගම් පවසනවා.
අදාළ කාර්යය වනුයේ එහි වැඩ බලන විදුහල්පතිවරියගේ නිල මුද්‍රාව හා අත්සන සමඟින් පාසලේ දරුවන් අතට පත් කෙරී ඇති කොටු 50කින් සමන්විත කාඩ්පත් සම්පූර්ණ කිරීමයි.
එම කාඩ් පත් වල එක් කොටුවක් බර තබා ඇත්තේ රුපියල් 100ක් ලෙසයි.
ඒ එක් කාඩ් පතක කොටු සියල්ලම සලකුණු වීම යනු රුපියල් 5000 මුදලක් උත්පාදනය වීමක්.
දරුවන් 1039 මේ පාසලේ ඉගෙනුම ලබන අතර එක් දරුවකුට කාඩ් පත් 2 බැගින් ලබා දී තිබෙනවා (10000×1039=10,390,000).
මෙලෙස අරමුදල් රැස් කරන්නේ සුළං බාධක හා ක්‍රීඩා සංකීර්ණ(wind break & sports complex) ව්‍යාපෘතියක් වෙනුවෙන් බව දරුවන් අතට පත් කෙරී ඇති කාඩ් පතෙහි සඳහන්.
කාඩ් පත් අස්ථානගත වුවහොත් එහි වටිනාකම අදාළ දරුවන් විසින් ගෙවිය යුතුය යන කොන්දේසිය කාඩ් පත් වල සඳහන් කර තිබෙනවා.
එමෙන්ම එහි සදහන් කර ඇත්තේ කඩිනමින් හා වැඩි වැඩියෙන් කාඩ්පත් සම්පූර්ණ කරන අයවලුන්ට ත්‍යාග ලබා දෙන බවයි.
ගුරු සංගම් පවසන්නේ ඇතැම් මාපියන්ගේ දරුවන් තිදෙනකුම මේ පාසලේ ඉගෙනුම ලබන අතර එවැනි එක් පවුලක් වෙත නිකුත් කෙරී ඇති කාඩ් යනු රුපියල් 30000 මුදලක් බවයි.

