30.6 C
Colombo
Friday, June 5, 2026

සැඟවී සිටින අපරාධකරුවන් රැසකට රතු නිවේදන

විදෙස්ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 226 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසයි. 

එම පිරිස අතර සංවිධානාත්මක අපරාධකරුවන් 90කට ආසන්න පිරිසක් සිටින බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා ප්‍රකාශ කරයි.

“මේ අවස්ථාව වනවිට රතු නිවේදනය ලබාගෙන සැකකරුවන් 35ක්. වෙනත් වැරදි ආකාරයෙන් වැරදිකරුවන් 33ක් වගේම සැකකරුවන් 68කට 70කට ආසන්න ප්‍රමාණයක් දිවයිනට රැගෙන ඇවිත් තියෙනවා වර්තමාන රජය බලයට පත්වීමෙන් පස්සේ. ඒ වගේම  තවත් රතු නිවේදන 226ක් පමණ අරගෙන තිබෙනවා. 

මොවුන් අතර සංවිධානාත්මක අපරාධකරුවන් 90කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් රතු නිවේදන අරගෙන තිබෙන්නේ. ඩුබායි, ඉන්දියාව, රුසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රාජ්‍යයන්වල ඔවුන් සිටින බවට හඳුනාගෙන සිටිනවා. ඔවුන්ව ළඟදී ලංකාවට රැගෙන ඒමේ කාර්යයෙන්ම ඉෂ්ට කරනවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles