30.6 C
Colombo
Friday, June 5, 2026

රණවිරු සැමරුමේ සිදුවීම සම්බන්ධයෙන් විමල් වීරවංශව පොලිසියට කැඳවයි

බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල පසුගියදා ඇති වූ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට පොලිසියෙන් කැඳවීමක් ලැබී ඇත.

කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර ඇති අතර, ඒ සඳහා තමන් එළැඹෙන සඳුදා තලංගම පොලිසිය වෙත යන බව තවදුරටත් ඔහු පවසා ඇත.

නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන බවට වත්මන් ආණ්ඩුවේ පිරිස් ප්‍රකාශ කළද, එය වචනයට පමණක් සීමා වී ඇති බවද ඔහු මෙහිදී සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ විමල් විරවංශ මහතා,

“සියලු රට වැසියන්ට තියෙන අයිතිය අනුව රණවිරු ස්මාරකයට මල් තියලා, වීරෝදාර රණවිරුවන්ට අපේ උත්තමාචාරය පුද කරන්න ගියා. ඒකට බාධා කරා. බාධා කරලා දැන් අපිට කියනවා ප්‍රකාශයක් ගන්න පොලිසියට එන්න කියලා. අපි සඳුදා උදේ යනවා තලංගම පොලිසියට අපේ ප්‍රකාශය දෙන්න. 

ජනාධිපතිවරයා කියනවනේ නීතිය කාටත් එක හා සමානයි කියලා. හැබැයි අධිකරණ අමාත්‍යංශයට අයිති මල්වානේ මන්දිරය අත්පත් කරගත්ත කට්ටියට නීතිය ක්‍රියාත්මක වුනේ නෑ. 

අපි ගියේ මොකක් හරි අත්පත් කරගන්න නෙවෙයි. අපි ගියේ මහජනයාට විවෘත පොදු ස්ථානයකට. ඒ ස්මාරකය හැදුවේ මහජනයාට ඒ වැඩේ කරන්න. ඊට කලින් අවුරුද්දෙත් අපි ගියා. 

අපට නීතිය එක විදිහක්. අන්තරේ පැටව් ටික මල්වානේ මන්දිරය අත්පත් කරගන්නකොට නීතිය ගොළුයි, නීතිය අකර්මන්‍යයි, නීතිය ගරහිතයි”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles