25 C
Colombo
Friday, June 5, 2026

ශ්‍රී ලංකාවේ මුදල් අච්චු ගැසීම රු. ට්‍රිලියන 2.1 පනී – ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම (මුදල් අච්චු ගැසීම) රුපියල් ට්‍රිලියන 2.1 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි. 

මේ හේතුවෙන් පසුගිය මාස 17ක කාලය තුළ පමණක් සංසරණයේ පැවති ව්‍යවහාර මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 303,956කින් ඉහළ ගොස් ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

‘ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය’ ලිපි ශීර්ෂය යටතේ නිවේදනයක් නිකුත් කරමින් එහි විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද (24) මේ බව අනාවරණය කළේය.

මුදල් සැපයුම ඉහළ ගිය අයුරු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක (2025 මාර්තු 28 සහ 2026 මැයි 22) දත්ත විශ්ලේෂණය කරමින් එම නිවේදනයේ මේ බව සඳහන් කර ඇත.

එම නිවේදනයට අනුව 2025 ජනවාරි වනවිට ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම රු. බිලියන 14,439.1ක් වන අතර, එය 2026 මාර්තු වනවිට රු. බිලියන 16,585.7ක් දක්වා වර්ධනය වී ඇත.

ඒ අනුව පසුගිය මාස 15 තුළ පමණක් රුපියල් බිලියන 2,146.1කින් (ට්‍රිලියන 2.1 කින්) මුදල් සැපයුම ප්‍රසාරණය වී තිබෙන බව නිවේදනයේ දැක්වේ.

පසුගිය මාස 15 තුළ ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම (M2b) හෙවත් තාක්ෂණික වශයෙන් මුදල් අච්චු ගැසීම මගින් මහ බැංකුව මුදල් මැවීම සිදුකර ඇති ආකාරය සම්බන්ධයෙන්ද ඔහු මෙහි හෙළිදරව්වක් සිදුකර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles