25 C
Colombo
Friday, June 5, 2026

‘ශ්‍රී ලංකා රුපියල වසර තුනකට පසු ඉහළම වර්ධනය අත්කර ගනියි‘ – Bloomberg

ශ්‍රී ලංකා රුපියල වසර තුනකට පසු ඉහළම වර්ධනය වාර්තා කළ බව Bloomberg පුවත් සේවය සඳහන් කරයි.

Bloomberg පුවත් සේවයේ කොළඹ ප්‍රධාන මාධ්‍යවේදී අසන්ත සිරිවර්ධන සහ ආර්ති පවන් වෙළෙඳපොළ දත්ත සහ විශ්ලේෂණ සඳහා Bloomberg ආර්ථික විද්‍යාඥ කණ්ඩායමේ දායකත්වය මත මෙම වාර්තාව නිකුත් කර තිබේ.

Bloomberg.com යනු ගෝලීය ව්‍යාපාර, මූල්‍ය සහ වෙළඳපල ප්‍රවෘත්ති සඳහා ප්‍රමුඛතම බහුමාධ්‍ය වේදිකාවයි. එය ආයෝජකයින්ට සහ වෘත්තිකයන්ට පැය 24 පුරාම ආර්ථික යාවත්කාලීන කිරීම්, වෙළඳපල විශ්ලේෂණය සහ සජීවී බහුමාධ්‍ය වෙත ප්‍රවේශය ලබා දෙයි.

මේ Bloomberg හී ‘Sri Lankan Rupee Rallies Most in Three Years, Leads Asia FX’ නමින් ශ්‍රී ලංකාව පිළිබඳ පළකළ වාර්තාවයි;

“ශ්‍රී ලංකා රුපියල වසර තුනකට පසු ඉහළම වර්ධනය වාර්තා කරයි; ආසියානු විදේශ විනිමය වෙළෙඳපොළේ පෙරමුණට
දින නවයක් පුරා අඛණ්ඩව පහත වැටෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සිකුරාදා (මැයි 22) දින කැපී පෙනෙන ලෙස ශක්තිමත් වෙමින් ආසියාවේ හොඳම ක්‍රියාකාරීත්වය දැක්වූ මුදල් ඒකකය බවට පත් විය.

රුපියලේ අගය සියයට 2.7% කින් පමණ ඉහළ ගිය අතර, එය 2023 මාර්තු මාසයෙන් පසු වාර්තා වූ විශාලතම එක්දින වර්ධනය එයයි. බ්‍රහස්පතින්දා රුපියල වසර තුනක අවම මට්ටමකට ඇද වැටෙමින් ලැබූ පාඩුව පියවා ගැනීමට සිකුරාදා දින ලැබූ මෙම ප්‍රගතිය සමත් විය.

වර්ධනයට බලපෑ හේතු

කොළඹදී මාධ්‍යවේදීන් ඇමතූ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා (ආචාර්ය අනිල් ජයන්ත) ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඉදිරියේදී ලැබීමට නියමිත විදේශ විනිමය ගලා ඒම් අපේක්ෂාවෙන්, වෙළෙඳපොළේ ඇතැම් පාර්ශවකරුවන් තමන් සතු ඩොලර් අලෙවි කිරීමට තීරණය කිරීම නිසා සිකුරාදා දින රුපියල මෙලෙස ශක්තිමත් වූ බවයි.

රුපියල ස්ථාවර කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් විවිධ පියවර ගනිමින් සිටින බවට ඉඟි පළ කර ඇත. රජය විසින් දැනටමත් පුද්ගලික වාහන සඳහා ආනයන බදු අධිභාරයක් (import duty surcharge) පනවා ඇති අතර, වෙළෙඳපොළේ පවතින දැඩි උච්චාවචනයන් පාලනය කිරීම සඳහා මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

කලාපීය තත්ත්වය සහ පවතින අවදානම

ඉරාන යුද්ධය හේතුවෙන් ඇති වූ තෙල් අර්බුදය නිසා සමස්ත ආසියානු කලාපයේම මුදල් ඒකක දැඩි පීඩනයකට ලක්ව ඇත. මෙම වසරේ (2026) ආසියාවේ දුර්වලම ක්‍රියාකාරීත්වයක් පෙන්වූ මුදල් ඒකකය වූයේද ශ්‍රී ලංකා රුපියලයි.

රජයට අනුව, රුපියල තවදුරටත් දුර්වල වනු ඇතැයි යන බිය හේතුවෙන් ආනයනකරුවන් වැඩි වශයෙන් ඩොලර් මිලදී ගැනීමත්, අපනයනකරුවන් තමන් සතු විදේශ විනිමය රුපියල් බවට පත් කිරීම ප්‍රමාද කිරීමත් නිසා රුපියලේ අගය පහත වැටීම මෑතකදී වේගවත් විය. කෙසේ වෙතත්, මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා මහ බැංකුව විවිධ පියවර ගෙන ඇති බව ප්‍රකාශ කර ඇත.

ඉදිරි දැක්ම

ශ්‍රී ලංකා මහ බැංකුව මැයි 26 වැනිදා සිය පොලී අනුපාතික තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. Bloomberg සමීක්ෂණයකට අනුව බහුතරයක් ආර්ථික විද්‍යාඥයින් අපේක්ෂා කරන්නේ පොලී අනුපාත ඉහළ දමනු ඇතැයි කියාය. මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම සහ ඉදිරියේදී ලැබීමට නියමිත විදේශ ආධාර හේතුවෙන් රුපියල ස්ථාවර වී නැවත ශක්තිමත් වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.
‘බලධාරීන් විසින් විදේශ විනිමය සහ ආනයන හරහා සිදුවන කාන්දුවීම් වැළැක්වීම සඳහා නිසි සාර්ව ආර්ථික ගැලපුම් ප්‍රකාශයට පත් කරන්නේ නම් සහ අපනයන ආදායම් කඩිනමින් රුපියල් බවට පත් කිරීමට මෙන්ම මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමට පියවර ගන්නේ නම්, රුපියලේ ස්ථාවරත්වයක් දැකගත හැකි වනු ඇත. සංජීව ප්‍රනාන්දු, ප්‍රධාන ආර්ථික විද්‍යාඥ, Asia Securities Pvt. Ltd”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles