25 C
Colombo
Friday, June 5, 2026

ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උසස්වීම්

ඉතිහාසයේ ප්‍රථම වරට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයින් සඳහා කඩඉම් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එහිදී ප්‍රාථමික වැටුප් කාණ්ඩයට අදාළ සේවකයින්ගේ සිට HM 1-3 වැටුප් කාණ්ඩයට අදාළ සේවකයින් 1,000 කට අධික ප්‍රමාණයකට තමන් දරන තනතුරුවලට අදාළ ශ්‍රේණි අතර උසස්වීම් ලබාගැනීමට මේ හරහා අවස්ථාව උදා වේ. පසුගිය රජයන් යටතේ අධිකාරියේ සේවකයින් සඳහා මෙවැනි කඩඉම් පරීක්ෂණයක් පවත්වා නොමැති අතර, එය ආයතනයේ මානව සම්පත් සංවර්ධනය සඳහා වත්මන් ආණ්ඩුව ගෙන ඇති වැදගත් පියවරක් ලෙස සැලකේ.

මෙම වැඩසටහන මඟින් සේවක අභිප්‍රේරණය වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් වේ.

PL වැටුප් කාණ්ඩයට අදාළව කාර්යක්ෂමතා කඩඉම් සම්මුඛ පරීක්ෂණ මේ වනවිට සැලකියයුතු ප්‍රමාණයක් අවසන් කර ඇති අතර MA 1-2 වැටුප් කාණ්ඩයේ සිට MM 1-3 වැටුප් කාණ්ඩයට අදාළ තනතුරුවලට කාර්යක්ෂමතා කඩඉම් විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු ද මේ වනවිට සුදානමින් පවතී.

දැනට ප්‍රධාන කාර්යාලයේ සහ දිස්ත්‍රික් කාර්යාලවල සේවය කරනු ලබන තාක්ෂණ නිලධාරින්ගේ කාර්යාක්ෂමතාව සහ සේවක අභිප්‍රේරණය වැඩි කිරීමේ අරමුණින් තාක්ෂණ නිලධාරීන් වෙත පවරා ඇති රාජකාරීවල දී, තම ක්ෂේත්‍රය තුළ රාජකාරී කටයුතු ඉටු කරනු ලබන අවස්ථාවන්වල දී පමණක් ඔවුන් වෙත ගෙවනු ලබන සංයුක්ත දීමනාව දින දහයක උපරිමයකට යටත්ව ගෙවීම කිරීමටත්, දුරකථන දීමනාව රුපියල් 1,875ක් ද, ආයතන සංග්‍රහයේ 1වන කාණ්ඩයේ XIV වන පරිච්ඡේදයේ 8.2 උප වගන්තියේ සඳහන් සැතපුම් කුලී ගාස්තු ප්‍රමාණයන් සංශෝධනය කිරීමට අදාලව 2026.04.09 දිනෙන් යුතු රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2026 අනුව ඉන්ධන දීමනාව කිලෝමීටරයකට රු 10ක් බැගින්ද ගෙවීම් කිරීමට කටයුතු සිදු කර ඇත. එමඟින් නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කළ තාක්ෂණික නිලධාරීන් හට කලක් තිස්සේ තිබූ උසස්වීම් සහ දීමනා සම්බන්ධ ගැටළු රැසක් නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබී ඇත.

තව ද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ11/2026 අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දෛනික හා කොන්ත්‍රාත් පදනම මත සේවය කරනු ලබන සේවකයින්ගේ පත්විම ස්ථීර කිරීමට කටයුතු කරමින් පවතින අතර ඉදිරියේ දී එහි පවතින අත්‍යවශ්‍ය පුරප්පාඩු රැසක් පිරවීමට ද කටයුතු සැලසුම් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles