දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබඳව අල්ලස් කොමිසම ස්ථාවරය ලබන 02 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) එම කොමිසමේ නිලධාරීන්ට නියම කර තිබෙනවා.
ඒ නූෂ නානායක්කාර මහතා විසින් කළ එම ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ සලකා බැලීමෙන් අනතුරුවයි.
සිය සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට යාමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා අධිකරණය විසින් දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසත් එහිදී සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියා
එහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට දැනුම් දුන්නේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කොමිසමේ ස්ථාවරය ලබන 02 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙසත් දින දෙපාර්ශවයේ කරුණු විමසා සුදුසු නියෝගයක් අධිකරණය විසින් ලබාදෙන බවත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී සඳහන් කළා.

