25 C
Colombo
Friday, June 5, 2026

ඇමැති විජිත, නවසීලන්ත විපක්ෂ විදේශ කටයුතු ප්‍රකාශිකාව හමුවෙයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ විපක්ෂ ප්‍රකාශිකාව වන වනුෂි වෝල්ටර්ස් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ.

එහිදී දෙරටටම වැදගත් වන විවිධ ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව සුබවාදී සාකච්ඡාවක් පැවැත්වුණු බව අමාත්‍යවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත.

වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය, ආයෝජන අවස්ථා සහ දේශපාලන ක්ෂේත්‍රයේ නව වර්ධනයන් ඇතුළු ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳවද මෙහිදී අවධානය යොමුකර තිබේ.

එමෙන්ම වෝල්ටර්ස් මහත්මිය ද සිය ශ්‍රී ලාංකික මූලය පිළිබඳව මෙහිදී ඉතා ලැදියාවෙන් මතක් කළ අතර, නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව එරට තුළ ඉටුකරන වැදගත් භූමිකාව ද ඇයගේ අගය කිරීමට ලක්ව ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles