30.6 C
Colombo
Friday, June 5, 2026

රජයේ වතු ඉඩම්වල සහ දේපළවලට ආයෝජනය කිරීමට අවස්ථාවක්

ඌන උපයෝජිත රජයේ වතු ඉඩම් සහ දේපළ ආයෝජනයට දීමේ දෙවන අදියර මේ වනවිට ආරම්භ කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සදහන් කරයි.

එය ක්‍රියාත්මක වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 අයවැය ප්‍රකාශය මඟින් ඉදිරිපත් කළ ඌණ උපයෝජිත ඉඩම් හඳුනාගෙන, ඒ්වා වඩාත් ඵලදායී ලෙස උපයෝජනය කිරීමේ ප්‍රතිපත්තියට අනුවය.

ඒ අනුව අමාත්‍යාංශය සතු ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලා සමාගම යන ආයතන සතු ඌණ උපයෝජිත ඉඩම් හා දේපළ ප්‍රශස්ත ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.

මෙම ආයෝජන අවස්ථා සඳහා සුදුසුකම් ලත් දේශීය මෙන්ම විදේශීය ආයෝජිකයින්ගේ ද අභිලාෂ ප්‍රකාශ කිරීම් මේ වනවිටත් කැඳවා ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, මොනරාගල, කෑගල්ල සහ ගාල්ල වැනි දිස්ත්‍රික්කවල පිහිටි විශාල වතු ඉඩම්, තේ කර්මාන්තශාලා සහ බංගලා සඳහා ආයෝජනය කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

ආයෝජන ඉඩම් ප්‍රමාණයන් කාණ්ඩ 5ක් යට‌තේ වර්ග කර තිබේ.

ඒ අනුව

1 වන කාණ්ඩය (හෙක්ටයාර 100 ට වැඩි): කෘෂි සංචාරක කර්මාන්තය (Agricultural Tourism) සහ කුළු බඩු වගාවන් සඳහා වසර 30ක උපරිම බදු කාල සීමාවකට යටත්ව ලබාදෙන හගල, මිඩ්ලන්ඩ්, ඕපල්ගල, වුඩ් සයිඩ් වැනි විශාල වතු ඉඩම්.

2 වන කාණ්ඩය (හෙක්ටයාර 50 සිට 100 දක්වා): කෘෂි සංචාරක ව්‍යාපෘති සඳහා සුදුසු ගල්පිහිල්ල, කැල්ල බොක්ක, කොටගඟ, ගෝමර සහ හරේ පාර්ක් වැනි වතු කොටස් ( බදු කාලය වසර 30).

3 වන කාණ්ඩය (හෙක්ටයාර 20 සිට 50 දක්වා): රත්වත්ත, විහාරගල, හන්‍තාන වැනි ප්‍රදේශ වල වැවිලි ක්ෂේත්‍රය, සුර්ය පැනල බල ශක්ති සහ සංචාරක ව්‍යාපෘති සඳහා වසර 20-30 කාලයකට ලබාදෙන ඉඩම්.

4 වන කාණ්ඩය (හෙක්ටයාර 20 ට අඩු): දෙල්තොට, ගලබොඩ, හන්‍තාන, කඳල්ඔය, ලෙවල්ස්, රොක්වුඩ්, රහතුංගොඩ සහ කොළපතන වැනි ප්‍රදේශ වල පිහිටි සංචාරක හා කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා සුදුසු කුඩා ඉඩම් කොටස් විශාල ප්‍රමාණයක් මෙයට ඇතුළත් වෙනවා .

5 වන කොටස් (බංගලා සහ කර්මාන්තශාලා): දැනට පවතින උපයෝජිත තේ කර්මාන්තශාලා (කොටගඟ, හුන්නස්ගිරි, වුඩ්සයිඩ්, දංකන්ද, කඳල්ඔය, ගලබොඩ, රොඩ් ආදී) සහ බංගලා /නිල නිවාස සංචාරක කර්මාන්තය හෝ නිෂ්පාදන 20-30 අතර කාලයකට බදු දීමට නියමිතයි .

ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන සාමාන්‍ය පුද්ගලයින්ට හෝ ලංකාවේ පවතින ලිඛිත නීතියක් යටතේ ස්ථාපනය කර ඇති නීතිමය භාණ්ඩ/ආයතනයකට මේ සඳහා අයදුම් කළ හැකියි .

සාමාජික භාරගන්නා අවසන් දිනය: 2026 ජූනි මස 30 වන දින පෙ.ව. 11.00 ට හෝ ඊට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් හෝ පුද්ගලිකව පැමිණ භාරදිය යුතු වෙනවා .

ලිපිනය: සභාපති, ඉහළ ප්‍රසම්පාදන කමිටුව, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, 8 වැනි මහල, A පර්යන්තය, සෙත්සිරිපාය II වන අදියර, බත්තරමුල්ල.

වැඩි විස්තර: www.plantation.gov.lk නිල අඩවියෙන් ඉඩම් ලැයිස්තුව, සුදුසුකම් සහ වෙබ් අඩවි පර්යේෂණ නිර්ණායක කරගත හැක. (දුරකථන: 0112186223 / විද්‍යුත් තැපෑල: mpeiunderutilizedland@gmail.com)

අදාළ ඉඩම් දේපල සඳහා අවසර දෙනු ලැබේ පිටතින් පරිසරයට ඇතුළු වීමට අවසර නොලැබෙන බවත්, ප්‍රමාද වී ලැබෙනු ඇත ප්‍රතික්ෂේප වන බවත් අමාත්‍යාංශය අවධාරණය කරනවා .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles