30.6 C
Colombo
Friday, June 5, 2026

සිරිපා වන්දනා සමය හෙටින් අවසන්

මෙවර ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පොහොය දිනයෙන් අවසන් වන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසති.

උන්වහන්සේ සඳහන් කළේ වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ශ්‍රී පාද උඩ මළුවේ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවය.

වෙසක් පොහොයට පසුදින එනම් 31 වනදා ශ්‍රී පාද උඩ මළුවේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව හා දේව ආභරණ මාර්ග 4ක් ඔස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා පෙරහැර මගින් වැඩම කරවීම සිදුවන බව බෙංගමුවේ ධම්මදින්න හිමි සඳහන් කළේය.

එසේ වැඩම කල සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් එම විහාරස්ථානයේ තැන්පත් කර තැබෙන බව උන්වහන්සේ පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles