2026 IPL තරගාවලියේ කූඨප්‍රාප්තිය සනිටුහන් කරමින් අවසන් මහා තරගය ජය ගැනීමට රාජාත් පටිදාර්ගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම අද (31) සමත් වුණා.
ඒ ප්‍රතිවාදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුළු 5 කින් පරාජයට පත් කරමින්.
අද තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 155ක් රැස් කළ අතර, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 161ක් රැස් කරගනිමින් අඛණ්ඩව දෙවැනි වරටත් IPL ශූරතාව දිනා ගත්තා.
එහිදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ විරාට් කෝලි නොදැවී ලකුණු 75*ක්ද, වෙන්කටේෂ් අයියර් ලකුණු 32ක්ද, ටිම් ඩේවිඩ් ලකුණු 24ක්ද, රැස් කළා.
පන්දු යැවීමේදී ගුජරාට් ටයිටන්ස් වෙනුවෙන්, රෂීඩ් ඛාන් කඩුළු 02ක්ද, කගීසෝ රබාඩා, අර්ෂාඩ් ඛාන් සහ මොහොමඩ් සිරාජ් එක් කඩුල්ල බැගින් දවාගත්තා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුළු 08ක් දැවී ලකුණු 155ක් රැස් කළ අතර, එහිදී වොෂින්ටන් සුන්දර් නොදැවී ලකුණු 50ක්ද, නිශාන්ත් සින්දු ලකුණු 20ක්ද, අර්ෂාඩ් ඛාන් ලකුණු 15ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම වෙනුවෙන්, රාසික් සලාම් කඩුළු 03ක්ද, ජොෂ් හේසල්වුඩ් සහ බුවනේෂ්වර් කුමාර් කඩුළු 02 බැගින්ද, කෘනාල් පාණ්ඩ්‍යා එක් කඩුල්ලක්ද දවාගත්තා.

