30.6 C
Colombo
Friday, June 5, 2026

06කට දිවි අහිමි කළ මීගොඩ අනතුරේ තොරතුරු රැසක් එළියට – රියදුරු බීමත්ව සිට ඇති බව හෙළිවෙයි

මීගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය දන්සලක් අසල රැඳී සිටි පිරිසක් වෙත අධික වේගයෙන් පැමිණි කැබ් රථයක් ගැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බිහිසුණු අනතුර පිළිබඳව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මීගොඩ පොලිස් වසමේ හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය ආසන්නයේදී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් දන්සලක පෝලිමක සිටි පිරිසකගේ හප්පා නොනවත්වා පලාගොස් ගිය බවයි.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 13 දෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකු රෝහල් ගතකරන විටත් මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ ගොඩගම හන්දියේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරින් විසින් පලා යමින් සිටි කැබ් රථය හා රියැදුරු අත්අඩංගුවට ගනු ලැබුවා.

මරණකරුවන් අවුරුදු 35 ත් 38 ත් අතර වයස්වල පසු වූ හංවැල්ල සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මරණකාරියන් අවුරුදු 15 ත් 56 ත් අතර වයස්වල පසු වූ පිලියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියන් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකාර රියැදුරා වයස අවුරුදු 42 ක් වන පිලියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනතුර සිදුවන අවස්ථාවේ සැකකරු බිමත්ව සිටි බවට තහවුරු වී තිබෙනවා.

තුවාලකරුවන් 07 දෙනෙකු හෝමාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මීගොඩ පොලිසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles