30.6 C
Colombo
Friday, June 5, 2026

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ලය විසි කිරීමේ ඉසව්වෙන් දෙවන ස්ථානය දිනාගනිමින් ඉතිහාසයේ එවැනි දක්ෂතාවක් පෙන්වූ එකම ශ්‍රී ලාංකිකයා බවට පත් වීමට රුමේෂ් තරංග සමත්වෙයි

ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය රන් අකුරින් සනිටුහන් කරමින්, ඩයමන්ඩ් ලීග් (Diamond League) තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහළම දක්ෂතාව දැක්වීමට ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග සමත්ව ඇත.

මොරොක්කෝවේ පැවැති ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වට එක්වූ රුමේෂ් තරංග, එහිදී දෙවැනි ස්ථානය (2nd Place) දිනා ගැනීමට සමත් විය.
මෙහිදී ඔහු දැක්වූ දක්ෂතාව වන්නේ මීටර් 85.97කි. මෙය ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර ඩයමන්ඩ් ලීග් තරගාවලියකදී දැක්වූ ඉහළම දක්ෂතාව ලෙසින් ක්‍රීඩා ඉතිහාසයට එක්වේ.

ලෝකයේ දක්ෂතම ක්‍රීඩකයන් රැසක් මැද ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණය වාර්තා කිරීමට රුමේෂ් තරංග සමත්වීම මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,900SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles