25 C
Colombo
Friday, June 5, 2026

චෙන්නායි රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුමකින් ශ්‍රී ලාංකික තරුණියක් අවසන් ගමන් යයි

ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි පෞද්ගලික මත්පැන් හලක් (Private Bar) තුළ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස්, තරුණයන් පිරිසක් විසින් සිය මෝටර් රථය යතුරුපැදියක හිතාමතාම ගැටීමට සැලැස්වීමෙන් 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙසේ ඛේදජනක ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තමිල්නාඩුවේ විලුප්පුරම් (Villupuram) දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි යැන්සි (Yancy – 18) නැමති ශ්‍රී ලාංකික සරණාගත තරුණියක්.

සිද්ධිය සම්බන්ධයෙන් නඩු පවරා ඇති ඉන්දීය පොලිසිය, 21 හැවිරිදි බාලමුරුගන්, 19 හැවිරිදි ජොෂ්වා සහ 19 හැවිරිදි කිෂෝර් කුමාර් යන සැකකරුවන් තිදෙනා මේ වන විටත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් වාර්තාවලට අනුව, යැන්සි සහ ඇයගේ මිතුරන් පිරිසක් අදාළ පෞද්ගලික මත්පැන් හල තුළ නටමින් සිටියදී, එහි සිටි තවත් තරුණයන් පිරිසක් සමඟ බහින්බස්වීමක් සිදුව තිබේ. එහිදී එම ස්ථානයේ ආරක්ෂක නිලධාරීන් (Bouncers) මැදිහත් වී තත්ත්වය පාලනය කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම ආරවුල මත්පැන් හලෙන් පිටතදී ද දිගටම පැවතී ඇති අතර, එහිදී ද ආරක්ෂක නිලධාරීන් මැදිහත් වී කණ්ඩායම් දෙකටම එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස දැනුම් දී තිබෙනවා.

පසුව යැන්සි සහ ඇයගේ මිතුරන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී, ගැටුම ඇතිකර ගත් කණ්ඩායම මෝටර් රථයකින් පැමිණෙන ආකාරය දැක තිබෙනවා.

එහිදී යැන්සිගේ මිතුරන් පිරිසක් විසින් අදාළ මෝටර් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, ඉන් දැඩි ලෙස කුපිත වූ මෝටර් රථයේ සිටි පිරිස, යැන්සි ගමන් කළ යතුරුපැදිය හඹා ගොස් අධික වේගයෙන් එය පිටුපසින් හප්පා ඇති බවයි වාර්තා වෙන්නේ.

ලත් දරුණු පහරින් යැන්සි යතුරුපැදියෙන් විසිවී ගොස් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

අනතුරින් යතුරුපැදියේ ගමන් කළ යැන්සිගේ 17 හැවිරිදි මිතුරිය ද බරපතළ තුවාල ලබා මේ වන විට රෝහල්ගතව දැඩි සත්කාර ලබමින් සිටින අතර සිද්ධියෙන් දැඩි සේ කම්පනයට පත් යැන්සිගේ පවුලේ සාමාජිකයන් සැකකරුවන්ට උපරිම දඬුවම් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles