31 C
Colombo
Tuesday, October 7, 2025

ගාල්ලේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අද (24) පස්වරුවේ ගාල්ල නගරයට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වි ඇති බවට වාර්තා වේ.

ගාල්ල – වක්වැල්ල ප්‍රධාන මාර්ගය ගාල්ල පොලීසිය ඉදිරිපිටින්, ගාල්ල – බද්දේගම මාපලගම ප්‍රධාන මාර්ගය තලාපිටිය, සරෙන්තුකඩේ සහ තනිපොල් ගහ හංදිය යන ප්‍රදේශවලින් ජලයෙන් යටවී තිබුණි.

මේ අතර ගාල්ල නගරයේ තවත් අතුරු මාර්ග රැසක් ජලයෙන් යටව තිබුණු අතර මාර්ගවල දැඩි රථ වාහන තදබදයක්ද හටගත් බව වාර්තා වෙයි.

නිසි ලෙස කානු පද්ධති පිරිසුදු නොකිරීම සහ වැසි ජලය බැස යන ප්‍රධාන කාණු මත අනවසර ඉදිකිරීම් ඉදිකර තිබීම නිසා මෙවැනි තත්ත්වයන් නිතර හටගන්නා බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles