30.6 C
Colombo
Friday, June 5, 2026

එක් පුද්ගලයෙකුට මසකට අවශ්‍ය අවම වියදම රුපියල් 17,117 දක්වා ඉහළට

මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙකුට මසකට අවශ්‍ය අවම වියදම රු. 17,117 දක්වා ඉහළ ගොස් තිබේ.‍

ඒ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් මාසය සඳහා නිකුත්කළ නිල දරිද්‍රතා රේඛාවට අනුවය.

ඒ අනුව, මාර්තු මාසයට සාපේක්ෂව නිල දරිද්‍රතා රේඛාවේ අගය රුපියල් 427කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වෙයි.

මාර්තු මාසයේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 16,690ක් ලෙස සටහන් වී තිබුණි.

මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙකුට මසකට අවශ්‍ය අවම වියදම මෙම නිල දරිද්‍රතා රේඛාව මගින් ඇස්තමේන්තු කරනු ලබයි.

අප්‍රේල් මාසයේ නිල දරිද්‍රතා රේඛාවට අනුව එහි ඉහළම අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය රුපියල් 18,461ක් ලෙසයි සැලකේ.

දරිද්‍රතා රේඛාවට අනුව අවම අගය මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 16,367ක් වන බව සඳහන් වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles