30.6 C
Colombo
Friday, June 5, 2026

ජනතාවට පීඩාවන අයුරින් වෙසක් බැලුව යතුරුපැදි කල්ලියක් අත්අඩංගුවට

වෙසක් සිරි නරඹමින් සිටි මහජනතාවට පීඩාවක් වන අයුරින් ඝෝෂාකාරී ලෙස අධික ශබ්ද නගමින් යතුරුපැදි පදවමින් සිටි තරුණයින් දස දෙදෙනෙකුට අධික පිරිසක් බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සමගම අදාළ යතුරුපැදිද පොලිස් භාරයට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.

පොලිස් භාරයට ගත් බහුතරයක් යතුරුපැදිවල සයිලන්සර් කපා සහ වෙනස්කර සාමාන්‍ය ක්‍රමවේදය උල්ලංඝනය කර විවිධ කොටස් එක්කර අධික ශබ්ද නැගෙන සේ සකසා ඇති බවද පොලීසිය සඳහන් කළේය.

බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් අදාළ තරුණයින් පිරිස එම යතුරුපැදි සමග අත්අඩංගුවට ගෙන පොලිස් පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර ඇත.

අදාළ යතුරුපැදි මෝටර් රථ පරීක්ෂක වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් සකස්කර අදාළ යතුරුපැදිවල හිමිකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles