25 C
Colombo
Friday, June 5, 2026

පාකිස්ථානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් සහ සබ්මැරීනයක් කොළඹ වරායට

සුහද සංචාරයක් සහ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2026 ජුනි මස 01 වැනිදා දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS Taimur’, ‘PNS Aslat’නෞකාවන් දෙක සහ ‘PNS/MHangor’සබ්මැරීනය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුකෙරිණි.

මෙලෙස කොළඹ වරායට පැමිණි ‘PNS Taimur’ නෞකාවේඅණදෙන නිලධාරී ලෙස, කපිතාන් Niamat Saeed Khanද, ‘PNS Aslat’නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කපිතාන් Nadir Mateen Afridiද,‘PNS/MHangor’සබ්මැරීනයේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් Uzair Farooqද කටයුතු කරනු ලබයි.

එම නෞකාවන්ගේ සහ සබ්මැරීනයේ කාර්ය මණ්ඩලයදිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදානෞකාවන් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles