30.6 C
Colombo
Friday, June 5, 2026

ඖෂධ මිල ගණන් ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීමත් සමග ඖෂධ මිල ගණන් ද ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

ඊට අදාළ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව එම අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේය.

ඒ අනුව ආනයනික ඖෂධ සහ දේශීයව නිෂ්පාදනය කෙරෙන ඖෂධවල මිල ගණන් ඉහළ දැමීමට අවශ්‍ය මුලික කටයුතු සැලසුම් කර ඇති බව සඳහන්ය.  

ගැසට් පත්‍රයක් මඟින් උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ කාණ්ඩ 60ට අදාළ මිල ගණන් ද ඉහළ දැමීම සිදුකිරීමට නියමිත බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles